රට තුළ වර්තමානයේ පවතින්නේ ජනතාවාදී දේශපාලනයක් නොව, වෛරය, පළිගැනීම සහ එක් කණ්ඩායමක අවශ්‍යතා ඉටු කිරීම පදනම් කරගත් දේශපාලන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
තම පක්ෂය කිසිදු විටෙක රටේ ජනතාව හෝ විරුද්ධවාදීන් හතුරන් ලෙස දැකීමට කටයුතු නොකළ බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, වර්තමාන රජය විපක්ෂය දෙස බලන්නේ හතුරෙක් ලෙස බව කියා සිටියේය. මෙවැනි ආණ්ඩුවක් සමඟ වැඩ කටයුතු සිදු කිරීමට සිදුවී ඇති පසුබිමක, රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට වගකීමක් පවතින බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















