මෑත කාලීනව මෙරට පාසල් ක්ෂේත්රය තුළට මත්ද්‍රව්‍ය සහ විෂ මත්පෙති ගලා ඒම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, මෙය ජාතික වශයෙන් බරපතල තත්ත්වයක් බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (25) පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟවීය. රටේ අනාගත පරපුර ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම මත්ද්‍රව්‍ය ජාලය මේ වන විට සෑම පාසලකටම පාහේ ව්‍යාප්ත වී තිබීම කනස්සල්ලට කරුණක් බව අමාත්‍යවරිය අවධාරණය කළාය.
පාසල් සිසුන් මෙම මාරාන්තික උවදුරෙන් මුදවා ගැනීම සඳහා ක්ෂණික සහ විධිමත් පියවර ගත යුතු බව සඳහන් කළ අමාත්‍යවරිය, ඒ සඳහා පොලිසියේ සෘජු මැදිහත්වීම මත පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද පැවසුවාය. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා ගුරුවරුන්, දෙමාපියන් සහ ආරක්ෂක අංශවල ඒකාබද්ධ දායකත්වය මේ මොහොතේ අත්‍යවශ්‍ය සාධකයක් බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් දරුවන් මුදවා ගැනීම සදහා සක්‍රීයව දායක වන ලෙස ඉල්ලා සිටින අතර, ඉදිරියේදී පාසල් පරිශ්‍රයන් ආශ්‍රිතව ආරක්ෂක විධිවිධාන තර කිරීමට ද රජයේ අවධානය යොමු වී තිබේ. සිසුන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා සමාජීය හා අධ්‍යාපනික ප්රවේශයන් මගින් දරුවන් දැනුවත් කිරීමේ කඩිනම් ක්‍රියාවලියකට රජය මුල පුරමින් සිටින බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















