ශ්‍රී ලංකා පරිගණක හදිසි අවස්ථා දෙපාර්තමේන්තුව විසින් ජනතාව අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ආයෝජන වංචා පිළිබඳව දැඩි ලෙස අනතුරු අඟවා තිබේ. කෙටි කාලීනව ඉහළ ලාභ ලබා දෙන බව පවසමින් විවිධ මාර්ගගත (Online) ආයෝජන යෝජනා ක්‍රම හරහා මුදල් වංචා කිරීමේ සිද්ධීන් බහුලව වාර්තා වෙමින් පවතී.
විශේෂයෙන්ම විශ්‍රාමිකයින්ගේ ජීවිත කාලය පුරාම ඉතිරි කළ මුදල් මෙම වංචාකරුවන්ගේ ඉලක්කය බවත්, තනිව ජීවත් වන වැඩිහිටියන් සහ ඥාතීන් නවීන අන්තර්ජාල වංචා කල්ලිවල ප්‍රධාන ගොදුරු බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එබැවින්, මෙවැනි සැකකටයුතු ආයෝජන යෝජනා ක්‍රම මත විශ්වාසය තබා තම ඉතිරිකිරීම් අවදානමට ලක් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















