ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ප්‍රථම සෘජු ගුවන් සම්බන්ධතාවය ලෙස, 2026 අගෝස්තු 18 දින සිට කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරන බව වියට්ජෙට් එයාර් නිවේදනය කර තිබේ. මෙම ගුවන් සේවය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සතියකට දින තුනක් ක්‍රියාත්මක වීමට නියමිතය.
සමාරම්භක දීමනා ලෙස ‘Eco’ ප්‍රවේශපත්‍ර ඇමෙරිකානු ඩොලර් 90 ක සිට ආරම්භ වන අතර, ‘Deluxe’ සහ ‘SkyBoss’ ප්‍රවේශපත්‍ර සඳහා මූලික ගාස්තුව මත 20%ක වට්ටමක් හිමිවේ. මෙම ප්‍රවේශපත්‍ර වියට්ජෙට් නිල වෙබ් අඩවිය, ජංගම යෙදවුම සහ බලයලත් සංචාරක නියෝජිතයන් හරහා වෙන්කරවා ගත හැකිය. දළ වශයෙන් පැය පහක පියාසර කාලයකින් සමන්විත මෙම නව ගුවන් සේවාව, දෙරට අතර සංචාරක, ව්‍යාපාරික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වනු ඇත.
















