ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල පවතින රියදුරු සහ කොන්දොස්තර හිඟය හේතුවෙන් බස් රථ ධාවනයට බාධා එල්ල වී ඇති බවත්, ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට රජය පියවර ගනිමින් සිටින බවත් ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
මුලින් රියදුරන් 450ක් සහ කොන්දොස්තරවරුන් 300ක් බඳවා ගැනීමට කටයුතු කළ ද, සම්මුඛ පරීක්ෂණවලට පැමිණි ප්‍රමාණවත් පිරිසක් නොමැති වීම හේතුවෙන් බඳවා ගත හැකි වූයේ රියදුරන් 300ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. පවතින පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී තවදුරටත් බඳවා ගැනීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, සේවකයන් රැකියාව අත්හැර යාම වැළැක්වීම සඳහා ඔවුන්ට පහසු වන පරිදි ගමන් වාර ලබා දෙමින් ස්ථාවර ආදායමක් සහතික කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















