ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සිය ධුරයෙන් සමුගැනීමට පෙර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා ජුනි 25 දින වෙන වෙනම හමුවිය.
මෙම අවස්ථාවලදී නාවික හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය සහ නායකත්වය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළහ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමට සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට වයිස් අද්මිරාල් බානගොඩ මහතා ලබාදුන් දායකත්වය මෙහිදී විශේෂයෙන් අගය කෙරිණි.
සිය ධුර කාලය තුළ රට වෙනුවෙන් සිදුකළ ඉමහත් සේවය වෙනුවෙන් කෘතඥතාව පළ කළ රාජ්‍ය ආරක්ෂක ප්‍රධානීන්, නාවික හමුදාපතිවරයාගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවායි සිය සුබපැතුම් එක් කළහ.
















