ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය ඉදිරියේදී මෙරට ජනතාවට ලබා දීමට රජය අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය. අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෑතකදී ඩොලර් 125ක් දක්වා ඉහළ ගිය බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 70 කලාපයට පැමිණෙමින් තිබීම ඉන්ධන මිල ගැලපීමක් සඳහා සුබදායී සාධකයක් බවයි.
කෙසේ වෙතත්, මේ වන විට මෙරටට ලැබෙමින් පවතින සහ ඉදිරි මාස දෙක තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග පසුගිය මාසවලදී ඇනවුම් කරන ලද ඒවා බැවින්, අලුතින් අඩු මිලට ඇනවුම් කරන ඉන්ධන තොග ලැබීමත් සමඟ එහි සැබෑ වාසිය ජනතාවට ලබා දිය හැකි බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. රජය විසින් ඉන්ධන සඳහා රුපියල් බිලියන 57ක සහනාධාරයක් දැනටමත් ලබා දී ඇති අතර, මෙම ජූනි මාසයෙන් අවසන් වීමට නියමිත එම සහනාධාරය ඉදිරියටත් ලබා දෙන්නේද යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන දැනුම් දෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින ආර්ථික සහ වෙළෙඳපොළ තත්ත්වයන් ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් පවතින බවත්, කිසිදු අවස්ථාවක මහජනතාවට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන පරිදි ඉදිරි තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. යුදමය තත්ත්වයන් හමුවේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවලදී පවා, රජය උපරිම උත්සාහ කළේ එම පිරිවැය ජනතාව මත පැටවීම අවම කරමින් සාධාරණ මිලකට ඉන්ධන ලබා දීමට බවද අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සිහිපත් කළේය.
















