බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව, ලබන ජූලි මස 31 වන දින මූලික නඩු විභාගයක් සඳහා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
සාමාන්‍යයෙන් මෙම නඩුව විභාග කරන විනිසුරු බුද්ධික සී. රාගල මහතා නිල නිවාඩු ලබා සිටීම හේතුවෙන්, අද දින නඩුව මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. ඒ අනුව, මූලික නඩු විභාගය සඳහා නඩුව ජූලි 31 දිනට යළි කැඳවීමට විනිසුරු උදේෂ් රණතුංග මහතා නියම කළේය.
















