2026 කාන්තා පන්දුවාර 20/20 ලෝක කුසලාන තරඟාවලියේ (T20 World Cup) පැවැති තීරණාත්මක 25 වන තරඟයෙන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා නායිකාව තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම ඕවර් 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 151ක් රැස් කළේය. ස්කොට්ලන්තය වෙනුවෙන් සාරා බ්‍රයිස් නොදැවී ලකුණු 47ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවේ මිතාලි අයෝධ්‍යා ලකුණු 34කට කඩුලු 2ක් දවාගත්තාය.
අනතුරුව ලකුණු 152ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 154ක් ලබා ගනිමින් තරඟයේ ජය තහවුරු කරගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු 16කින් වේගවත් ලකුණු 33ක් (හයේ පහරක් සහ හතරේ පහර 6ක්) රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 27ක් සහ හසිනි පෙරේරා ලකුණු 23ක් ලබා ගනිමින් ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවූහ.
















