ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට සමගාමීව 2023 සිට ක්‍රියාත්මක වන ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභය ලබන ජූනි මාසයේ සිට පවුල් 4,25,000කට (ලක්ෂ 4කට වැඩි පිරිසකට) අහිමි වන බව ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. මෙම වැඩසටහන ආරම්භයේදී ලක්ෂ 16කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලැබූ අතර, මෙය රටේ පවතින සමාජ ආර්ථික තත්ත්වය මත කාලානුරූපීව වෙනස් වන, කිසිවෙකුට ජීවිත කාලයටම ලබා නොදෙන යෝජනා ක්‍රමයක් බව මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශන මහතා අවධාරණය කරයි.
ඒ අනුව සංක්‍රාන්තික, අවදානමකට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ 4 යටතේ මෙතෙක් ගෙවීම් සිදුකළ අතර, ඉන් ‘සංක්‍රාන්තික’ කාණ්ඩය යටතේ සිටි 3,15,000කට ආසන්න පිරිසකගේ ගෙවීම් මේ වන විටත් අත්හිටුවා ඇත. මින් ඉදිරියට ප්‍රතිලාභ හිමිවන්නේ සැබවින්ම සුදුසුකම් සපුරාලන පවුල් සඳහා පමණක් වන අතර, අහිමි වූවන් සඳහා ඉදිරියටත් ප්‍රතිලාභ ලබාගත හැකි ක්‍රමවේද පිළිබඳව ද ඉදිරියේදී පැහැදිලි කිරීමට නියමිතය.
















