විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ “කෑගල්ල දිස්ත්‍රික් විදාතා ප්‍රදර්ශනය සහ නවෝත්පාදන සායනය” පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර සභා ශාලාවේදී ආරම්භ විය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, ප්‍රාදේශීය මට්ටමේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීම, නවෝත්පාදන දිරිගැන්වීම සහ නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම මගින් ජාතික ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
ප්‍රදර්ශනය අතරතුර ගලිගමුව විදාතා මධ්‍යස්ථානයේ ව්‍යවසායිකා නිලක්ෂි විජේසිංහ මහත්මිය වෙත GMP ජාත්‍යන්තර තත්ත්ව සහතිකය සංකේතාත්මකව පිරිනැමීම ද සිදු කෙරිණි. ප්‍රදර්ශන භූමිය තුළ පාසල් සිසුන් සහ ව්‍යවසායකයින් විසින් නිර්මාණය කරන ලද නවීන තාක්ෂණික නිෂ්පාදන සහ නවෝත්පාදන උපකරණ රැසක් ප්‍රදර්ශනයට තබා තිබිණි.
කෑගල්ල දිස්ත්‍රික් විදාතා නිලධාරී සිදත් සංගක්කාර මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ විදාතා අධ්යක්ෂ මනෝජි කරුණාරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින් සහ පාසල් සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















