පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මොණරාගල ප්‍රදේශයට ඊයේ (26) පස්වරුවේ හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස 10කට හානි සිදුව ඇති බව වාර්තා වේ.
මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසකට බලපෑ මෙම සුළං තත්ත්වය හේතුවෙන් හුලංදාව ග්‍රාම නිලධාරී වසමේ නිවාස 6කට සහ නක්කල වත්ත ප්‍රදේශයේ නිවාස 4කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
මෙම ආපදා තත්ත්වයත් සමග මොණරාගල සිරිවිජයපුර ප්‍රදේශයේ මාර්ගයක් මතට ගසක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදුවිය. මේ වන විට එම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු බලධාරීන් විසින් සිදු කරමින් පවතින බව වාර්තා වේ.
















