ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් පසුගියදා සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීමේ අරමුණින් සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා රාජ්‍ය ආයතන මට්ටමින් සිය දායකත්වය ලබා දීම දිරිමත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම ශ්‍රමදාන වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ සිට බේරේ වැව ආශ්‍රිතව සහ බාලදක්ෂ මාවත ඔස්සේ අරලියගහ මන්දිරය දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුළු ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය උද්‍යෝගිමත්ව එක්ව සිටියහ.
















