ඇමෙරිකාව සහ ඉරානය අතර කටාර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එකිනෙකට වෙනස් ප්‍රකාශ නිකුත් කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, දෙරටේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඉරානය විසින් හමුවක් ඉල්ලා සිටි බවත්, ඒ අනුව අඟහරුවාදා දෝහා නුවරදී මෙම හමුව පවත්වන බවත්ය. කෙසේ වෙතත්, ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ මේ සතිය තුළ ඇමෙරිකාව සහ ඉරානය අතර කිසිදු සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර නොමැති බවයි.
















