ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික්ගේ පවුල්වලට සම්බන්ධ පෞද්ගලික ව්‍යාපාර, ඇමෙරිකානු රජයේ මූල්‍ය ආධාර ලබන උපායමාර්ගික ඛනිජ ව්‍යාපෘති කිහිපයකටම සම්බන්ධ වී සිටීම හේතුවෙන් දැඩි දේශපාලන සහ සදාචාරාත්මක ගැටලුකාරී තත්ත්වයක් (Conflict of Interest) නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම චීන ඒකාධිකාරයට අභියෝග කරමින් කසකස්ථානයේ ආරම්භ කිරීමට නියමිත ලොව විශාලතම “ටංස්ටන්” (Tungsten) පතල් ව්‍යාපෘතියක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක රජයේ මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට සැලසුම් කර ඇති අතර, මෙම ගිවිසුම අත්සන් කිරීමට සති කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප් සම්බන්ධ ව්‍යාපාරයක් එහි කොටස් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
මීට අමතරව හොවාර්ඩ් ලුට්නික්ගේ පවුල සතු ‘Cantor Fitzgerald’ ආයතනය ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයෙකු වෙනුවෙන් ඩොනල්ඩ් මිලියන 210ක මුදලක් රැස්කර දී ඇති අතර, මෙම පවුල් දෙක ඇමෙරිකානු රජයේ අනුමැතිය සහ ඩොලර් බිලියන 8.9කට අධික ප්‍රතිපාදන අපේක්ෂාවෙන් සිටින පතල් සමාගම් අවම වශයෙන් 14ක් සමඟ සෘජු සබඳතා පවත්වන බව හෙළි වී ඇත. ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම ව්‍යාපෘති කඩිනම් කළ යුතු බව රජයේ බලධාරීන් පවසද්දී, විපක්ෂ ඩිමොක්‍රටික් සෙනෙට් මන්ත්‍රීවරුන් සහ දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ වොෂින්ටන් දේශපාලනය බලගතු පුද්ගලයන්ගේ පෞද්ගලික ව්‍යාපාරික වාසි තකා අනිසි ලෙස භාවිත වෙමින් පවතින බවයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















