කොළඹ පදවි සහයක රදගුරු සහ මඩකලපු පරිපාලක රදගුරු හිමිපාණන් ලෙස කටයුතු කළ අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ නව රදගුරු හිමිපාණන් ලෙස ශුද්ධෝත්තම වතිකානය විසින් පත්කර තිබේ.
යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස මෙතෙක් කටයුතු කළ අති උතුම් ජස්ටින් ඥාණප්‍රගාසම් හිමිපාණන් වයස් සීමාව සම්පූර්ණ වීමෙන් පසු ඉදිරිපත් කළ විශ්‍රාම යාමේ ඉල්ලීම වතිකානය විසින් පිළිගැනීමත් සමඟ මෙම නව පත්කිරීම සිදුකර ඇත.
















