ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ (Black Friday) වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් භාණ්ඩ තොග රැස්කර තබාගන්නා ආකාරයටම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් ද ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය (World Cup) ඉලක්ක කරගනිමින් දැවැන්ත ලෙස කොකේන් (Coke) මත්ද්‍රව්‍ය තොග රැස්කරමින් සිටින බව හෙළි වී තිබේ.
මේ මස තුළ පමණක් මෙක්සිකෝ බලධාරීන් විසින් මෙට්‍රික් ටොන් 3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට පෙර කිසිදු දිනක මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වාර්තා නොවූ ප්‍රාන්තයකින් පවා මෙවර මත්ද්‍රව්‍ය තොග හසුකර ගැනීමට හැකි වී ඇත.
ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා මිලියන 5.5කට අධික අතිවිශාල සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිත බැවින්, එම කාලය තුළ ඇතිවන ඉහළ ඉල්ලුමට සැපයුම් ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් (Cartels) තම ගබඩා මෙලෙස කලින්ම පුරවමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ලෝක කුසලානයට නිල සැපයුම් ජාලයක් (Supply chain) ඇති සේම, කොකේන් සඳහා ද වෙනම රහසිගත සැපයුම් ජාලයක් නිර්මාණය වී ඇති බව මෙයින් පැහැදිලි වෙයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















