රජයේ සහල් ගබඩාවල පවතින වී තොග සහල් බවට පත් කර, ‘ජාතික සතොස’ නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ අස්වැසුම ප්‍රතිලාභීන්ට සහ රජයේ සේවකයින්ට සහන මිලට සහල් ලබා දීමට තීරණය කර ඇත.
ඒ අනුව, සෑම මසකම රජයේ සේවකයින්ට සහල් කිලෝග්‍රෑම් 20ක් වාරික වශයෙන් ලබා දීමට රජය සැලසුම් කර ඇත. අස්වැසුම ප්‍රතිලාභීන්ට ද මෙම සහල් බෙදා හැරීමට නියමිත අතර, රජයේ සේවකයින්ට සාපේක්ෂව ඔවුන්ට වඩාත් සහනදායී මිලකට සහල් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. එසේම, අස්වැසුම ප්‍රතිලාභීන්ට මෙම සහල් සඳහා වන මුදල වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ද රජය විසින් ලබා දී ඇත.
















