මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත දැයි ක්ෂණිකව පරීක්ෂා කර බැලීම සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව ජංගම දුරකථන යෙදවුමක් (App) ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක්ව මෙම යෙදවුම නිර්මාණය කෙරෙන අතර, එමගින් පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතියෙන් යුක්තද යන්න සහ තමන් ගෙවන බදු මුදලට සරිලන නීත්‍යානුකූල භාණ්ඩයක් ලබාගන්නේද යන්න තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබේ. ව්‍යාජ මත්පැන් වෙළඳපොළට පැමිණීම වැළැක්වීම සහ පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා පවසයි.
















