පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රංජනගම ප්රදේශයේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් පොල්ගහවෙල පදිංචි 33 සහ 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගයේ බල්ලපාන ප්රදේශයේදී කාර් රථයක්, යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මිනුවන්ගොඩ පදිංචි 25 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ. පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දළදාගම ප්රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්රීට් කාණුවකට වැටීමෙන් වේයන්ගොඩ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. අනුරාධපුර තිසාවැව මාර්ගයේ කැබ් රථයක් යතුරුපැදියක සහ කාර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අනුරාධපුර ප්රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ වල්ගම ප්රදේශයේදී යතුරුපැදියක් පෙරළී ගොස් ජීප් රථයක ගැටීමෙන් පන්නිපිටිය පදිංචි 40 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත.මෙම අනතුරු සම්බන්ධයෙන් අදාළ ප්රදේශවල පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අනතුරුවලට සම්බන්ධ රථ වාහනවල රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇත.
















