මාලිමා ආණ්ඩුව බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු පසුගිය මාසයේදී ඔවුන්ගේ අපනයන සංවර්ධන සැලැස්ම එළිදැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥ සංජීව එදිරිමාන්න මහතා දැඩි විවේචනයක් එල්ල කරයි.
විදේශ විනිමය අර්බුදයකින් මිදීමට අපනයන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව දැන දැනත්, ඒ සඳහා සැලැස්මක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට වසර දෙකක් ගතවීම පුදුමයට කරුණක් බව ඔහු පවසයි. තමන් සතුව දැවැන්ත වැඩපිළිවෙළවල් සහ ප්‍රාමාණික විද්වතුන් සිටින බව පැවසූ ආණ්ඩුවක මෙම ප්‍රමාදය පිළිබඳව ජනතාව ප්‍රශ්න කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ එදිරිමාන්න මහතා, “මේ ආණ්ඩුව දැන් හදලා තියෙන්නේ ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ නෙවෙයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ‘ලස්සන ජීවිතයක්’ සහ ‘පොහොසත් ආණ්ඩුවක්’ විතරයි. ආණ්ඩුවක් පොහොසත් වූ පමණින් රටක් පොහොසත් වන්නේ නැහැ. මම ඉතාම විශ්වාසයෙන් කියනවා, ලංකා ඉතිහාසයේ බිහිවෙච්ච ධනවාදීම ආණ්ඩුව තමයි අනුර දිසානායක ගරු ජනාධිපතිතුමාගේ මේ මාලිමා ආණ්ඩුව,” යනුවෙන් සඳහන් කළේය.
















