මෙරට කලා ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි සමරකෝන් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 84 වන වියෙහි පසු විය.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතය තුළින් රසික හදවත් දිනාගත් ඒ මහතා, ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යයේ මුල් සහ පසු නිෂ්පාදනවලට ද සිය දායකත්වය ලබා දුන්නේය. ‘මුහුදු පුත්තු’ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළ ඔහු, දශක ගණනාවක් පුරා වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයන්හි සිය රංග ප්‍රතිභාව විදහා දැක්වීය. ‘සෝබාව දේ මෙපුර සිරි විසිතුරු’ වැනි ජනප්‍රිය ගීත ඇතුළු ඔහුගේ කලාත්මක නිර්මාණ රසිකයන් අතර නිරන්තර මතකයේ පවතිනු ඇත.
















