2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක කිරීම සහ ගොවීන්ගේ වී අස්වැන්න සඳහා ස්ථාවර වෙළෙඳපොළක් හා සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින් රුපියල් මිලියන 6,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇත. මෙම වැඩපිළිවෙළ මගින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරමින් ගොවි ජනතාවට සහන සැලසීම රජයේ අපේක්ෂාවයි.
















