ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙක්සිකෝව සහ ප්‍රංශය ඊයේ (ජූලි 01) සමත් විය.
වසර 40කට පසු ලෝක කුසලාන තරගාවලියක නොකවුට් වටයේ ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝව සමත් වූයේ සිය මව්බිමේ පැවති තරගයේදී ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ඉක්වදෝර් කණ්ඩායම 2–0ක් ලෙස පරාජය කරමිනි. එමෙන්ම ප්‍රංශ කණ්ඩායම ද සිය තරගයේදී ප්‍රබල දස්කම් දක්වමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව දිනා ගත්තේය.
















