• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ ආර්ථිකය දිනවන්න තොරතුරු තාක්ෂණ සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ සහය දෙන්න

ජනපතිගෙන් ඉල්ලීමක්

1 July 2026
in දේශීය, පුවත්
ලංකාවේ ආර්ථිකය දිනවන්න තොරතුරු තාක්ෂණ සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ සහය දෙන්න
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
දැනට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී සියයට 7ත් 8ත් අතර මට්ටමක් දක්වා ඉහළ නැංවීමට වෙහෙසිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම ගමනේදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ සංගම්, කර්‌මාන්තකරුවන් සහ ආයෝජකයන් සමඟ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්‌යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
රටේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ පවතින සැබෑ විභවතාව ජය ගැනීමට රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලුම ව්‍යවසායකයන්ට ආරාධනා කළේය. එමෙන්ම ක්ෂේත්‍රයේ දැනට මතුව ඇති ගැටලු පිළිබඳ වාර්තාවක් සහ යෝජනාවලියක් හැකි ඉක්මණින් ඉදිරිපත් කරන ලෙස ද එතුමා ඉල්ලා සිටියේය.
මෙරට ආර්ථීක වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් ඇතිවන ඩොලර් ඉල්ලුම පියවා ගැනීමට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය උපරිමයෙන් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දැනට ලංකාවේ පවතින තුන්වන විශාලතම අපනයන ආදායම් ක්ෂේත්‍රය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගින් වසරකට ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් සහ දැනට ඩොලර් මිලියන 500ක් පමණ වන විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නැංවීමේ විභවතාව පවතින බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. කර්‌මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, වරාය නගරය ආශ්‍රිත සමාගම්වල බැංකු බාධා, තාක්ෂණික කොටස් ආනයනයේදී පවතින රේගු බාධා ඉවත් කිරීමට “Green Channel” ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විදේශගත වීම වැළැක්වීම සඳහා විකල්ප සහන ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි.
Post Views: 15
Previous Post

කැළණිවැළි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් නැවත දැනුම්දෙන තුරු අවලංගු කෙරේ

Next Post

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කරයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved