ඇමරිකානු එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වන කියුබාවේ ප්‍රධානතම දේශපාලන බලපෑම් සහ ප්‍රචාරක යාන්ත්‍රණයකට එරෙහිව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) විසින් දැඩි සම්බාධක පනවා තිබේ. ඒ අනුව කියුබානු කස්ත්‍රෝ පාලනයේ ඔත්තු බැලීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රසිද්ධ “ICAP” (Cuban Institute for Friendship with the Peoples) ආයතනය නිල වශයෙන් තහනම් ආයතනයක් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.
මෙම මෙහෙයුමේ සුවිශේෂී පියවරක් ලෙස, එම ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වන කාලෝස් ලෝගා ඩොමින්ගස් (Carlos Lloga Dominguez) නමැත්තාගේ මෙරට නීත්‍යානුකූල පදිංචි බලපත්‍රය අහෝසි කර ඇති අතර, ඔහු මේ වන විට ෆෙඩරල් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. ඔහුව සිය පවුලේ සාමාජිකයන් ද සමඟින් කඩිනමින් ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට නියමිතය.
රාජ්‍ය ලේකම් රූබියෝ අවධාරණය කරන්නේ ඇමරිකාව තුළ අහිතකර මතවාද පැතිරවීම, කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම සහ ඇමරිකානු විරෝධී අන්තවාදී ව්‍යාපාරවලට සහාය දීම සඳහා කියුබානු කොමියුනිස්ට් පාලනය විසින් මෙහෙයවන මෙවැනි ප්‍රචාරක මෙහෙයුම් සම්පූර්ණයෙන්ම මර්දනය කරන බවයි. මෙවැනි රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන ඕනෑම බාහිර පාර්ශවයකට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර, සම්බාධක පනවා රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ධවල මන්දිරය වැඩිදුරටත් දන්වා සිටියි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















