ඉන්දීය ගුවන්සේවා ඉතිහාසයේ ප්‍රථම වරට සාම්ප්‍රදායික රේඩියෝ තරංග වෙනුවට චන්ද්‍රිකා තාක්ෂණය (Satellite Technology) භාවිත කරමින් මගී ගුවන් යානයක් ආරක්ෂා සහිතව ගොඩබැස්වීමට සමත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් ආයතනයේ අධීක්ෂණය යටතේ ප්‍රකට ‘ඉන්ඩිගෝ’ (IndiGo) ගුවන් සමාගම විසින් මෙම සුවිශේෂී පරීක්ෂණ මෙහෙයුම සිදු කර තිබේ.
‘ගගන්‘ (GAGAN) නමින් හඳුන්වන, ජීපීඑස් (GPS) ආධාරකයෙන් වැඩිදියුණු කළ චන්ද්‍රිකා තාක්ෂණ පද්ධතියක් මේ සඳහා භාවිත කර ඇත. මීට පෙර කුඩා වර්ගයේ ගුවන් යානා සඳහා මෙම තාක්ෂණය අත්හදා බලා තිබුණ ද, විශාල වාණිජ මගී ගුවන් යානයක් සඳහා එය යොදාගත් පළමු අවස්ථාව මෙය වේ. මෙම ඓතිහාසික පියවර වෙනුවෙන් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) සහ ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය ඒකාබද්ධව තාක්ෂණය සංවර්ධනය කර ඇත.
ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති දුරස්ථ කුඩා ගුවන්තොටුපොළවල පවා ඉතා නිවැරදිව සහ ආරක්ෂිතව ගුවන් යානා ගොඩබැස්වීමට මෙමඟින් හැකියාව ලැබෙන බව බලධාරීහු පවසති. මෙම නව ක්‍රමවේදය නිසා යානයේ සිටි මගීන්ට කිසිදු වෙනසක් හෝ අපහසුවක් දැනී නොමැති බව ද වාර්තා වේ.













