හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බේරේ වැව අවට ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා යෝජිත “Temple City” ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන වශයෙන් බේරේ වැව වටා නවීන පදික වේදිකාවක් (Pedestrian Walkway) ඉදිකිරීම සහ සංචාරක හිතකාමී පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කෙරේ. දේශීය හා විදේශීය සංචාරකයන්ට වඩාත් පහසුවෙන් සහ නිදහසේ ගමන් කිරීමට අවස්ථාව සලසා දෙමින්, කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම මෙහි අරමුණයි.
රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින්, සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර, කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














