2026 වසරේ ඉදිරි මාස හය සඳහා ජල ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.
ජල ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නොනැගී ඇත්තේ, වසරේ මුල් මාස හය තුළ ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදු නොවූ බැවිනි. ඒ අනුව, මහජනතාවට සහනයක් ලබා දෙමින් ජල ගාස්තු දැනට පවතින අයුරින්ම පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.














