‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරි කාර්යාලවල භාවිත කරන එක් භාෂාවකින් පමණක් පැවති ආකෘති පත්‍ර 23ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පරිවර්තනය කර මහජනතාව සඳහා විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම ආකෘති පත්‍ර රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ නිල වෙබ් අඩවිය වන www.moha.gov.lk හරහා මේ වන විට බාගත කර ගත හැකිය.
මෙම වැඩසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරිණි. ජූලි මස 01 දින සිට 05 දින දක්වා යෙදී ඇති ‘රාජ්‍ය භාෂා සතිය’ට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ යෝජනා මත රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව මෙම පරිවර්තන කටයුතු සිදු කර ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන්, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සහ දෙඅමාත්යාංශවල උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම ක්‍රමවේදය මගින් රාජ්‍ය සේවය මහජනතාවට වඩාත් සමීප කරවමින්, භාෂා බාධාවකින් තොරව රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට පුරවැසියන්ට අවස්ථාව උදා වේ.














