• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 1

සනාතන මන්දිරය යට වෑන් රථයට ගිනි තබා වසර 19යි අපරාධකරුවන් තවම නිදැල්ලේ...

2 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ශක්තියක් EDB සහ ජර්මනියේ IPD අතර  නව අවබෝධතා ගිවිසුමක්!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ස්වභාවික සුන්දරත්වය පිළිබඳව ලොව පතළ සුවිශේෂී ස්ථානයකි. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැත. එසේම අක්කර 1500කට වැඩි භූමිභාගයක් පුරා විසිරුණු සහ හන්තාන කඳු රක්ෂිතයද ඇතුළත් ස්වභාවික වනාන්තරයකටද හිමිකම් කියනා පේරාදෙණිය තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන්ද ලොව පතළ විය යුතු බව අපි විශ්වාස කරමු. එකක් නම් එම භූමිභාගයට අදාළව මෙරට සාමාන්‍ය නීති රීති සහ නීතිමය මූලධර්ම වලංගු නොවීමේ ”පේරාදෙණිය ස්පෙෂල්” තත්ත්වයයි. ඒ හා සබැඳි තවත් සුවිශේෂී අනන්‍යතාවයක් වන්නේ මෙම සුවිශේෂී භූමිභාගයට අදාළව නොවිසඳුන අභිරහස් රාශියක් තවමත් පැවතීමයි. බර්මියුඩා ත්‍රිකෝණය මෙන් සලකුණක් හෝ නොතියා සිදුවන බව පෙනෙන මෙම සිදුවීම් ඉතා හොඳින් සැලසුම් කර, ක්‍රියාත්මක කර තිබෙන භයානක සහ බරපතල අපරාධ බවට සැකයක් නැත. එහෙත් සාක්ෂි නැති බවට මතුරමින් මෙම අපරාධ කාලයේ වැලි තලාවෙන් වැළලී යාමට ඉඩ ලබාදී තිබෙන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කළ යුතුය. අප අද ආරම්භ කරන්නේ එම කටයුත්තට අත්වැලක් සැපයීමේ කාර්යයයි.
චේතනාන්විතවම කාලයේ වැලි තලාවෙන් වැළලී යාමට ඉඩදී තිබෙන මෙම අභිරහස් මහජනතාවගේ දැනගැනීම උදෙසා ලියා තැබීම අවශ්‍ය බව අප කල්පනා කරන්නේ කවදා හෝ දිනෙක සත්‍ය හෙළිදරව් විය යුතු බැවිනි. වගකිවයුත්තෙකු නොමැති අපරාධ තිබිය හැකි නොවේ. සිදුවන්නේ අදාළ වගකිවයුත්තා සොයා ගැනීමට උත්සාහ නොකිරීම හෝ එය උවමනාවෙන්ම මගහැර යාමේ තක්කඩිකමයි. එයට ඉඩ දිය යුතු බවට කිසිවෙකු තර්ක කරන්නේ නම් ඔහු අපරාධයේ සහායකයෙකු විය යුතු බවට සාධාරණ සැකයක් ඇති කර ගැනීම වැරදි නැත.
කථාව මෙපරිදිය. කාලය 2007 වර්ෂයයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරය එහි ප්‍රධානතම පරිපාලන සංකීර්ණයයි. මෙම ගොඩනැගිල්ල ගොඩනගා ඇත්තේ බිම් මහල විවෘත වන ලෙසට ගල් කණු මත පළමු සහ දෙවැනි මහල් ගොඩ නැංවීමෙනි. එහි වම්පස කෙළවර කොටසේ ගල් කණු අතර ඇති ඉඩ භාවිතා කරන්නේ විශ්වවිද්‍යාලයට අයත් වාහන ගාල් කර තැබීමටය. එම කටයුත්ත එදා මෙන්ම අදත් එලෙසම සිදුවේ. කවුරුත් හොඳින් දැන සිටින පරිදි සනාථන මන්දිරයේ හරියටම මධ්‍යයේ පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක මුරපලක් ක්‍රියාත්මක වේ. සනාථන මන්දිරය බිම් මහලේ බිත්ති බැඳ නොමැති හෙයින් මුරපලේ සිටින්නාට ගල් කණු අතරින් ගොඩනැගිල්ලේ හතර අතම හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාවද ඇත.
2007 වසර කාලසීමාව යනු ජනප්‍රිය ටොයොටා වෑන් රථ මාදිලියක් වන KDH වර්ගයේ වෑන් රථ මෙරට ජනප්‍රිය වෙමින් තිබූ කාලයයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුවද මෙම වර්ගයේ අලුත්ම වෑන් රථයක් තිබූ අතර එය බොහෝ විට යොදා ගැනුණේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ගේ ගමන් බිමන් සඳහාය. දෛනික රාජකාරී ගමන් බිමන් අවසන් කළ පසුව මෙම වෑන් රථය නවතා තැබුණේද අප පෙර සඳහන් කළ සනාථන මන්දිරයේ වම්පස පිහිටි ගල් කණු අතර වන හිස් ඉඩකඩ තුළයි. එසේ නවතා අගුළු දැමීමෙන් පසුව අදාළ රියදුරු තැන විසින් එහි යතුරු ඊට මීටර් 200ක් පමණ ඈතින් පිහිටි ආරක්ෂක අංශ ප්‍රධාන කාර්යාලයට භාරදී, එසේ භාරදුන් බවට පොත්පත්වලද අත්සන් තබා පිටව යා යුතුය. ඉන් අනතුරුව අදාළ වාහනයේ යතුර ගැනීමට අවසර සහිත රියදුරුට හැර වෙනත් කිසිවෙකුට එම යතුර නිකුත් නොකරන අතර සාමාන්‍යයෙන් සිදුවන්නේ පසුදින අදාළ රියදුරු තැන පැමිණ වෑන් රථයේ යතුර රැගෙන රාජකාරී සඳහා පිටව යාමයි.
2007-10-25 වන දින පස්වරුවේද එම වෑන් රථයේ රියදුරු විසින් නියමිත ක්‍රමවේදය අනුව වෑන් රථයේ යතුර භාරදී පිටව ගොස් ඇත. මෙම බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ වෑන් රථයේ කිසිදු කාර්මික දෝෂයක් ඔහු විසින් වාර්තා කර තිබී නැත. මධ්‍යම රාත්‍රියට ආසන්නව මෙම වෑන් රථය ගිනිගෙන අළුවී තිබෙන අතර ඉතිරි වී ඇත්තේ වානේ සැකිල්ල පමණකි. එහෙත් එහි සොයා බැලීමට නම් තවත් බොහෝ කරුණු කාරණා ඉතිරි වී තිබුණි. වගකිවයුත්තන් කිසිවෙකු දැන් ඒ පිළිබඳව කථා නොකරන බැවින් ඒ පිළිබඳව ඉතිරි කොටස්වලින් කථා කරන්නට අපි බලාපොරොත්තු වෙමු.
Post Views: 8
Previous Post

ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ශක්තියක් EDB සහ ජර්මනියේ IPD අතර නව අවබෝධතා ගිවිසුමක්!

Next Post

බොගවන්තලාව තේ සමාගමෙන් ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර සංරක්ෂණ සහ දේශගුණ ක්‍රියාකාරකම් රැසක්!

Editor TTV News

Editor TTV News

Next Post
බොගවන්තලාව තේ සමාගමෙන් ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර සංරක්ෂණ සහ  දේශගුණ ක්‍රියාකාරකම් රැසක්!

බොගවන්තලාව තේ සමාගමෙන් ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර සංරක්ෂණ සහ දේශගුණ ක්‍රියාකාරකම් රැසක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved