ලොව ප්‍රථම ‘Climate Positive’ තේ සමාගම වන බොගවන්තලාව තේ සමාගම (Bogawantalawa Tea Estates PLC), 2026 ලෝක පරිසර දිනය සහ සතිය සැමරීම වෙනුවෙන් පරිසර සංරක්ෂණ සහ දේශගුණ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නංවා තිබේ. ‘Inspired by Nature for Climate and Our Future’ යන තේමාව යටතේ ජූනි මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරිණි.
මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පාසල් පරිසර නියමු බළකාය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්විණි. ජෛව විවිධත්ව සංරක්ෂණය, අපද්‍රව්‍ය හා ජල කළමනාකරණය, ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ ආවේණික ශාක හා පලතුරු පැල සිටුවීම වැනි පාරිසරික වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් රැසක් මෙහිදී සිදු කෙරිණි. මීට අමතරව පාසල් දරුවන් ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ශිෂ්‍යත්ව පිරිනැමීම් ද සිදු විය.
මෙම වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොගවන්තලාව තේ සමාගමේ විධායක අධ්‍යක්ෂ ලලිත් මුණසිංහ මහතා සඳහන් කළේ, තිරසාරත්වය උදෙසා ගෝලීය පුරෝගාමියෙකු ලෙස තම ආයතනය අනාගත පරපුර වෙනුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන බවයි. පාරිසරික තිරසාරත්වය යනු හුදෙක් වගකීමක් නොව එය අනාගතය වෙනුවෙන් සිදුකරන ක්‍රමෝපායික ආයෝජනයක් බව පහතරට මෙහෙයුම්, තිරසාරත්වය, පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය තුසිත බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














