මෙරට තුළ නිසි ලෙස ලියාපදිංචි නොවී පවත්වාගෙන යනු ලබන සියලුම වැඩිහිටි නිවාස, එළැඹෙන සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
මෙම නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා සඳහන් කළේ, බලපත්‍රයක් හෝ නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස හඳුනාගැනීම සඳහා මේ වන විටත් විශේෂ ක්ෂේත්‍ර විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.
සැප්තැම්බර් 30 වැනිදාට පෙර ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොකරන ආයතනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, එම ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. වැඩිහිටියන්ගේ සුරක්ෂිතභාවය සහ ඔවුන්ට ලැබිය යුතු පහසුකම් තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.















