කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ (NIHS) ශත සංවත්සරය (1926–2026) නිමිත්තෙන් පැවති ඓතිහාසික සම්මේලනයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙරට ඉදිරි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතිය හැකි අවදානම් සහ අභියෝග පිළිබඳව අදහස් පළ කළාය.
අනාගතයේදී මතුවිය හැකි නව සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා රටක් ලෙස සූදානම් විය යුතු බව පෙන්වා දුන් අගමැතිනිය, ඒ සඳහා වෙනස්වන අවශ්‍යතාවන්ට අනුවර්තනය විය හැකි, ඉහළ කුසලතා සහිත සෞඛ්‍ය සේවක පිරිසක් බිහි කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව අවධාරණය කළාය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම පුහුණු කිරීම් අනාගත පරපුරේ යහපැවැත්ම උදෙසා කෙරෙන විශාලතම ආයෝජනය බවත්, ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය වැනි ආයතනවලින් ඒ සඳහා විශාල දායකත්වයක් අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.















