‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළ අතර, එම අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් ද එක්ව සිටියහ.
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර පොදු සැලැස්මක් යටතේ කටයුතු කිරීමට තීරණය කෙරිණි. මීට අමතරව පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් හිමිකරුවන් ද මෙම ජාතික වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීමට පියවර ගැනේ.
බන්ධනාගාරගතව සිටින පිරිසෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බැවින්, එම තදබදය අවම කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් ගැසට් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සඳහා නව නීති සකස් කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරිණි. නඩු භාණ්ඩ කළමනාකරණයට ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීම, රස පරීක්ෂක කාර්යාලය කාර්යක්ෂම කිරීම සහ පරීක්ෂණාගාර පහසුකම් විමධ්‍යගත කිරීමට ද තීරණය විය.
දෙමව්පියන්ට තම දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඔසුසල් හරහා පහසුවෙන් ලබා ගැනීමට වෙළෙඳපොළට හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු විය.
නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නැවැත්වීමට විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගන්නා යාත්‍රා සහ වාහන රාජසන්තක කිරීමේ නීතිමය බලතල ශක්තිමත් කිරීමට පියවර ගැනේ.
ඉදිරි රැස්වීමේදී, එක් එක් ආයතනයට පැවරී ඇති වගකීම් සහ මේ වන විට ඉටු කර ඇති ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
















