ලෝකයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන ‘Big 7 Travel’ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව හොඳම දූපත් සංචාරක ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. රටේ පවතින ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය, පොහොසත් සංස්කෘතික උරුමය, වනජීවී අත්දැකීම් සහ කුඩා භූමි ප්‍රමාණයක් තුළ විවිධ පරිසර පද්ධති ඉතා පහසුවෙන් නැරඹීමට ඇති හැකියාව යන කරුණු රැසක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවට මෙම විශිෂ්ට ඇගයීම හිමිව ඇත. ඒ අනුව ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය සහ තායිලන්තය වැනි ලොව සුප්‍රකට සංචාරක පාරාදීසයන් අභිබවා යමින් ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීම විශේෂත්වයකි. එකම සංචාරයකින් පරිසරය, වෙරළ, වනජීවීන් සහ සංස්කෘතිය එක ලෙස අත්විඳීමට සංචාරකයින් දක්වන කැමැත්ත නිසා ශ්‍රී ලංකාව මේ වන විට ලෝක දූපත් සංචාරක කර්මාන්තයේ නව මිණුම් දණ්ඩක් බවට පත්ව ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
















