ලබන සතියේ තුර්කියේ පැවැත්වීමට නියමිත නේටෝ (NATO) සමුළුවේදී, නව ගෝලීය ආරක්ෂක බැංකුවක් (Global Defence Bank) පිහිටුවීම සඳහා එක්වන ආරම්භක රටවල් 10ක පමණ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කිරීමට කැනඩාව සූදානම් වන බව වාර්තා වේ. කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) විසින් මෙම “ආරක්ෂක, සුරක්ෂිතතා සහ ඔරොත්තු දීමේ බැංකුව” (DSRB) පිළිබඳ සංකල්පය ඉදිරිපත් කර තිබේ.
ඇමරිකාව මූලික කරගත් සාම්ප්‍රදායික ලෝක දේශපාලන රටාව බිඳවැටීමට එරෙහිව කටයුතු කිරීම සඳහා ‘මධ්‍යම බලවත් රටවල’ (Middle Powers) සන්ධානයක් ගොඩනැගීමට ඔහු ගෙන යන වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම බැංකුව හඳුන්වා දී ඇත. පවුම් බිලියන 100ක් දක්වා වූ සහනදායී මූල්‍ය ප්‍රතිපාදන රැස් කිරීම මෙහි අරමුණ වන අතර කැනඩාව හැරුණු විට මෙහි සෙසු ආරම්භක සාමාජිකයන් සියල්ලම පාහේ යුරෝපීය රටවල් වනු ඇති බව කැනේඩියානු සාකච්ඡා නියෝජිතයා සඳහන් කරයි. මීට අමතරව ඉදිරි කාලයේදී දකුණු කොරියාව ද මීට එක්වීමට සියයට 50ක ඉඩකඩක් පවතින බව ද වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















