පාපන්දු ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී ක්‍රොඒෂියාව පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ ප්‍රබල පෘතුගාල කණ්ඩායම අද සමත් විය. කැනඩාවේ ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ගෝල 2-1ක් ලෙස පෘතුගාලය ජයග්‍රහණය කළේය.
තරගයේ පළමු අර්ධය ගෝල රහිතව නිමාවුවද, දෙවන අර්ධයේදී ඉවාන් පෙරිසික් ක්‍රොඒෂියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, නොසැලී ක්‍රීඩා කළ පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් තරගයේ 68 වන මිනිත්තුවේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්ත්වය සම කළේය. පිළිමළුන් පිටුදැකීමේ අදියරකදී රොනාල්ඩෝ ලෝක කුසලාන තරගයකදී වාර්තා කළ පළමු ගෝලය මෙය වීම විශේෂත්වයකි.
තරගය අවසන් වීමට තත්පර කිහිපයක් තිබියදී, එනම් 94 වන මිනිත්තුවේදී ගොන්කාලෝ රාමෝස් පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රාහී දෙවන ගෝලය රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
මෙම පරාජයත් සමඟ ක්‍රොඒෂියාව මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසිවූ අතර, ඒ සමඟම ක්‍රොඒෂියානු නායක 40 හැවිරිදි සුපිරි ක්‍රීඩක ලූකා මොඩ්රික්ගේ ලෝක කුසලාන තරග බිමේ ගමන ද අවසන් විය.
අවසන් 16 දෙනාගේ වටයේදී පෘතුගාලය එළඹෙන ජූලි 06 වනදා ටෙක්සාස්හි ඩලස් ක්‍රීඩාංගණයේදී වත්මන් යුරෝපීය ශූරයින් වන ස්පාඤ්ඤය සමඟ තරග වැදීමට නියමිතය.
















