චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයටත්, චීන රජයට සහ එරට ජනතාවටත් එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබපැතුම් පිරිනමන බව පැවසීය. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සෑම අවස්ථාවකදීම කැපවී කටයුතු කර ඇති බවත්, ඉදිරියටත් එම මිත්‍රත්වය වෙනුවෙන් ක්‍රියා කරන බවත් ඔහු අවධාරණය කළේය.
















