ප්‍රාග්ධන වෙළෙඳපොළ නීති, රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිවේදනය කරයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරන පුද්ගලයින් පහත සඳහන් ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතු බව එම කොමිෂන් සභාව අවධාරණය කරයි.
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) නම හෝ ලාංඡනය භාවිත කිරීම, “කොටස් හුවමාරුවක්” යන නාමය හෝ විස්තරය භාවිත කිරීම හෝ ඒ හා සමාන ඇඟවීම් සිදු කිරීම සහ ලියාපදිංචි ආයෝජන උපදේශකවරුන් නොවන පුද්ගලයින් විසින් ආයෝජන පුරෝකථන හෝ නිර්දේශ ප්‍රකාශයට පත් කිරීම හෝ ඒ සඳහා ඉඩ ලබා දීම යන කරුණු මීට ඇතුළත් වේ.
මෙම නියාමන රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සූදානමින් සිටියි.
















