පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයින් මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සිටිමින් සහ සමාජ මාධ්‍ය හරහා සිදුකරන බව කියන මඩ ප්‍රචාරයන්ට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති බලමණ්ඩලය ඊයේ දින (2026-07-02) අත් පත්‍රිකා බෙදීමේ ක්‍රියාමාර්ගයක නිරත වී තිබෙන බව වාර්තා වේ.
අනධ්‍යයන සේවක ගැටලු විසඳීම සඳහා පරිපාලනයේ කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂා කරන බවත්, එසේම සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් එහිදී අවධාරණය කර ඇත.
















