සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි, මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් නව සේවක පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සෞඛ්‍ය කාර්ය සහායක, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර, ක්‍ෂේත්‍ර මදුරු මර්දන සහායක සහ සුළුසේවා පාලක යන තනතුරු සඳහා පුද්ගලයින් 2652කට ඉදිරි මාසය තුළ පත්වීම් ලබා දීමට නියමිතය.
මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල අදියර කිහිපයක් යටතේ සිදු කෙරේ. බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකුට හෙට (04) පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ. දෙවන කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය සහායක 600ක් ජූලි 18 දින බඳවා ගනු ලැබේ. තෙවන කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය සහායක 762ක් අගෝස්තු 01 දින පත්වීම් ලබනු ඇත. එමෙන්ම රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර 247ක් සඳහා ජූලි 16 දින පත්වීම් ලබා දෙන අතර, අගෝස්තු 01 දින ක්‍ෂේත්‍ර මදුරු මර්දන සහායක 295ක් සහ සුළුසේවා පාලක 121ක් සඳහා ද පත්වීම් ලබා දීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම මෙම බඳවා ගැනීම්වල මූලික අරමුණයි.














