ගතවූ පැය 48 තුළ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කළ නවතම ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. මීට අමතරව, ප්‍රහාරවලින් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතරින් තවත් පුද්ගල සිරුරු 9ක් මේ වන විට සොයාගෙන තිබේ.
පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා සිදුවූ සටන්විරාම උල්ලංඝනය කිරීම් නිසා පමණක් පුද්ගලයන් 1,066 දෙනෙකු මියගොස් ඇති අතර, 2023 සිට ඇරඹි සමස්ත දරුණු යුද ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පලස්තීනුවන් සංඛ්‍යාව මේ වන විට 73,000 සීමාව ඉක්මවා ගොස් ඇත. දිනෙන් දින සිදුවන මෙම ප්‍රහාර හමුවේ වත්මන් කලාපය තුළ සටන්විරාම ගිවිසුම් හුදු මායාවක් පමණක් බවට පත්ව ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පවසති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්















