බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව නීති මාලාවකට එරෙහිව නැගී සිටින ලෙස යුටියුබ් (YouTube) ආයතනය එරට සිටින වීඩියෝ නිර්මාණකරුවන්ගෙන් (Creators) ඉල්ලා සිටියි. මෙම නව රජයේ සැලසුම මඟින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයන් වන BBC, ITV, Channel 4 සහ 5 වැනි නාලිකාවල වීඩියෝ, පරිශීලකයින් ඉල්ලා සිටියත් නැතත් ඔවුන්ගේ යුටියුබ් හෝම් පීඩ් (Home Feed) එකේ ඉහළින්ම ප්‍රදර්ශනය කිරීමට බල කෙරෙනු ඇත.
මෙමඟින් ස්වාධීන සහ කුඩා පරිමාණයේ යුටියුබ් නිර්මාණකරුවන්ගේ නාලිකාවල වර්ධනය දැඩි ලෙස සීමා විය හැකි බව යුටියුබ් ආයතනය පෙන්වා දෙයි. යුටියුබ් පිටුවේ ඉහළින්ම ඇති ඉඩකඩ සීමිත බැවින්, එම ස්ථාන ප්‍රධාන මාධ්‍ය ජාලයන්ට ලබාදීම හරහා ප්‍රේක්ෂකයින් සැබවින්ම නැරඹීමට කැමැත්තෙන් පැමිණෙන කුඩා නිර්මාණකරුවන්ගේ වීඩියෝ යටපත් වී යනු ඇත.
අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීමේ පියවරක් ලෙස රජය විසින් මෙම නීති හඳුන්වා දීමට උත්සාහ කළ ද, මෙයින් සිදුවන්නේ ඔබ වෙත මුලින්ම ළඟා විය යුත්තේ කාගේ වීඩියෝ ද යන්න රජය විසින් තීරණය කිරීමක් බව විචාරකයෝ පවසති. සාමාන්‍යයෙන් රජයන් විසින් මෙවැනි ඇල්ගොරිතම වෙනස්කම් සිදු කරන්නේ ජනතාවට වැඩි තේරීමක් ලබාදීමට නොවන බවට ද මත පළවේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















