මාලිමාණ්ඩුවේ කිසිදු මැති ඇමතිවරයෙකුට ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් බවට මෙතෙක් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවති ඉඩම් බලපත්‍ර බෙදාදීමේ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. තමන් වසර දෙකකට ආසන්න කාලයක් රජයේ කටයුතු සිදුකරන කාලසීමාව තුළ කිසිදු දේශපාලනඥයෙකුට එරෙහිව එවැනි චෝදනාවක් නොමැති බව ඔහු අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ද කරුණු පැහැදිලි කළේය. තමන් බලයට පත්වන විට හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක් ලෙස පැවති පොහොර සහනාධාරය මේ වන විට රුපියල් 30,000 දක්වා වැඩිකර ඇති බවත්, මෙවැනි ක්‍රියාමාර්ග නිසා ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් අපහසුතාවයට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















