වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් අවතැන් වූ ජනතාව වෙත චීනය ලබා දෙන මානුෂීය සහනාධාරවල ප්‍රථම තොගය ඊයේ (05) රාත්‍රියේ බෙයිජිං අගනුවර සිට වෙනිසියුලාවේ කැරකාස් (Caracas) අගනුවර බලා පිටත් කර තිබේ.
මෙට්‍රික් ටොන් 80ක බරකින් යුත් මෙම ආධාර තොගයට විදුලි උත්පාදන යන්ත්‍ර 20ක්, ජල පවිත්‍රකරණ වාහන 08ක්, සූර්ය බලශක්ති විදුලි ජනන පහසුකම් යන්ත්‍ර 200ක් සහ කූඩාරම් 1700ක් ඇතුළත් වේ. මෙම ආපදා තත්ත්වය හමුවේ තවත් සහනාධාර තොග කිහිපයක් ඉදිරි දිනවලදී එරට වෙත යැවීමට චීනය සැලසුම් කර ඇත.
පසුගියදා සිදුවූ මෙම දරුණු භූමිකම්පාවෙන් පුද්ගලයින් 3,342 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 16,740 දෙනෙකු තුවාල ලබා ඇති බව වෙනිසියුලාවේ ජාතික සභා සභාපති ජෝර්ජ් රොඩ්‍රිගස් (Jorge Rodríguez) මහතා පවසයි.














