ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් ආදම් මහතාගේ විශේෂ ආරාධනයකට අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ‘මැලේසියානු ආහාර උළෙල’ (Malaysian Food Festival) සඳහා සහභාගී විය. ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ඊයේ (05) දින පස්වරුවේ කොළඹ ෂෙරටන් හෝටලයේදී පැවැත්විණි.
මැලේසියානු කලාව, සංස්කෘතිය සහ විචිත්‍රවත් ආහාර සංස්කෘතිය ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගනිමින් මෙම උළෙල සංවිධානය කර තිබුණි. මැලේසියාවේ සිට පැමිණි පළපුරුදු සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන, දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව තුළ මැලේසියානු සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් ඉවහල් විය.
කොළඹ ප්රමුඛ පෙළේ හෝටල් දෙකක් සමඟ එක්ව මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය විසින් දියත් කළ මෙම විශේෂ ආහාර හඳුන්වා දීමේ වැඩසටහනේ අවසන් දිනය ලෙස ඊයේ දිනය සනිටුහන් විය.














