චීනයේ නිරිතදිග ගුවැන්ෂි කලාපයේ අගනුවර වන නැන්නින් නගරයට ‘මේසක්’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වී තිබෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුර පාලනය කිරීමේ හදිසි ප්‍රතිචාර මට්ටම ඉහළම මට්ටමට ගෙන ඒමට බලධාරීන් පියවර ගෙන තිබේ.
නගරයේ ගංගා සහ ජලාශ පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර පාලනය කිරීමේ හදිසි ප්‍රතිචාර මට්ටම මට්ටම III සිට මට්ටම I දක්වා ඉහළ දමා ඇත. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම තීරණය ගෙන ඇත්තේ අතිශයින්ම අධික වර්ෂාව හේතුවෙන් උද්ගත වී ඇති අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහාය. මිලියන 9කට ආසන්න ජනතාවක් වෙසෙන නැන්නින් නගරය මෙම ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්වීමේ අවදානමක් පවතී.














