ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් වරක් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. එම ඒකකයේ දත්තවලට අනුව මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 61,060 දක්වා ඉහළ ගොස් ඇත.ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කරන පරිදි, ජූලි මස අවසන් දින 5 තුළ පමණක් දිවයින පුරා රෝගීන් 5,663 දෙනෙකු වාර්තා වී තිබේ. මෙම වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පිරිස අතර අවුරුදු 5ට අඩු කුඩා දරුවන් පස් දෙනෙකු ද වන බව වාර්තා වේ.පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන බහුල වීම මෙම රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත. එබැවින් නිවෙස්, පාසල් සහ පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කර තබා ගන්නා ලෙසත්, උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් දැඩිව ඉල්ලා














