එල්නීනෝ සහ ලානීනා දේශගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් සහ ඒවා කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (06) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥයන් සහ අදාළ පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටි අතර, පවතින දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික, සෞඛ්‍ය සහ ආර්ථික අංශවලට සිදුවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂඥයන්ගේ අදහස් ලබා ගනිමින්, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.














